සේරුවිල
මංගල රාජමහා විහාරය ශ්‍රි ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ
පිහිටා ඇත. මෙම පුජනිය පින් බිම සේරුවිල හා සේරුවාවිල යන නම් දෙකෙන්ම හදුන්වයි. සේරුනුවර
යනු කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ මාගම රාජධානියේ උතුරු කෙලවරේ පිහිටි ප්‍රාදේශිය
රාජයයකි. සේරුනුවර සිව නම් රජතුමා විසින් පාලනය කල බව ඉතිහාසය පොතේ මෙන්ම ධාතු
වංශය නම් ග්රන්ථයෙහිද දැක්වේ.
සේරුනුවර
අසබඩ පිහිටි විශාල විල සේරුවිල නම් විය. ඒ අනුව මෙම භුමිය සේරුවිල නම් ව්‍යවහාර
විය.
ජනප්රවාදයේ
එන තවත් ආකාරයකට අනුව, කාවන්තිස්ස යුගයේ සිට සේරුවිල විහාරස්ථානයේ වැඩ සිටි රහතන්
වහන්සේලා හා භික්ෂුන් වහන්සේලා පැන් පහසුව පිනිස මෙම විලට පැමිණි බැවින්
සිවුරු-ආ-විල පසුව සේරුවාවිල වු බව ද කියවේ.
පිරිනිවන්
පා වදාල බුදුරදුන්ගේ ශ්‍රි දේහයේ ශේෂ වු ශාරිරික ධාතුන් අතරින් විශාලම ධාතුන්
වහන්සේ ද වන්නේ ලලාට ධාතුන් වහන්සේය.බුදුරදුන්ගේ ඒ සදා පුජනිය වු ශ්‍රි ලලාට
ධාතුන් වහන්සේ සහ කේශ ධාතුන් වහන්සේලා මැණ්ක් ඔබ්බ වු ඝණ රන් පිළිමයක් පිහිටුවා එම
පිළිමය නිධන් කොට කාවන්තිස්ස රජතුමා විසින් කරන ලද සේරුවිල මංගල මහා චෛත්‍යය හා
රජමහා විහාරය පුරාණයේ තිස් මහ වෙහෙර නමින්ද හැදින්වු බව පුරා විද්‍යාත්මක සාධක
වලින් පැහැදිලි වේ.
ලලාට
ධාතුන් වහන්සේ දඹදිව සහ සිරිලක විශාල බෞද්ධ පිරිසකගේ ඉමහත් ගෞරවයට මෙන්ම පුජනීයත්වයට
හා වන්දනාමානයට පාත්‍ර වි ඇති පුජනීය වස්තවකි. බුදුරදුන් ශ්‍රි ලලාට ධාතුන් වහන්සේ
හා කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කොට ඇති
මෙම පුජනිය සේරුවිල මංගල රජමහා විහාරය අදත් බොදු බැති මතුන්ගේ ගෞරවයට හා
වන්දනාමානයට ලක්වි ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකි.
ලලාට
ධාතුන් වහන්සේ සේරුනුවරට වැඩමවිම
බුදුරදුන්
ජිවමාන කාලයේදිම අනුදැන වදාල, අනාගතයේදි මෙම ශ්‍රි ලංකාද්විපයේ රජවන කාවන්තිස්ස
රජු විසින් මනහර දාගැබක් ඉදිකර තමන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ පිහිටවනු ලබන බව
වදාල බුදු වදන් වලට අනුව නොපමාව කටයුතු කිරිමට ඉතසිතින් එකග වු කාවන්තිස්ස රජතුමා
ඒ වන විට ගිරි නුවර සිටි තම පුතු දුටුගැමුණු කුමරුට මාගම් පුරය භාර කොට විහාර මහා
දේවියද සද්ධාතිස්ස කුමාරයාද සමගින් ලලාට ධාතුන් වහන්සේද වඩමාගෙන සේරුනුවර බලා
පිටත් විය.රජතුමා සමග චුල්ල පිණ්ඩපාතිකතිස්ස තෙරුන් වහන්සේ ඇතුලු පන්සියයක් පිරිවර
භික්ෂුන් වහන්සේලාද ලලාට ධාතුන් වහන්සේට උපස්ථාන කරමින් පසුපස වැඩි සේක.
ඒ
ආකාරයට සිවුරග සෙනගද පිරිවරා මහා පෙරහැරින් දිගාමඩුල්ල හරහා මුහුදට සමාන්තර
මාර්ගයකින් සේරුවිල අසබඩ වරාහසොණ්ඩ ගල්කෙමිය අසලට පැමිණි විට ධාතුන් වහන්සේ රැගත්
රථය මඩේ එරි ගියේය. කුමන හේතුවක් නිසා එසේ වුවාදැයි රජතුමා තිස්ස තෙරුන්ගෙන් විමසු
විට උන්වහන්සේගේ උපදේශය වුයේ එම ස්ථානය දාගැබ ගොඩ නැගිමට සුදුසු බවයි. ඒ අනුව
වෙසක් පුන් පොහෝ දිනකදි මහා චෛත්‍යය රාජයාගේ වැඩ ආරම්භ විය.